Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාවිතයට නොගත් සුඛෝපබෝගී වාහන විශාල ප්‍රමාණයක් තිබුණ ද ඒවායේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩු නිසා බොහෝ මැති ඇමැතිවරුන් සුඛෝපබෝගී වාහන භාවිතය ප්‍රතික්ෂේප කරන බව කථානායක අශෝක රන්වල ප්‍රකාශ කළේය.
නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ පැවති උත්සවයකදී ඔහු ජනමාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ අඩු ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත සුඛෝපභෝගී වාහන ශ්‍රී ලංකාවට නුසුදුසු බවයි.
පාර්ලිමේන්තුව හරහා මෙතෙක් කිසිදු මන්ත්‍රීවරයකු සුඛෝපභෝගී වාහන ඉල්ලා නොමැති බව ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා පැවසීය.
“ඉන්ධන කාර්යක්ෂමතාවක් නැති නිසාත්, මේ රටට නොගැළපෙන නිසාත් සුඛෝපභෝගී වාහන විශාල තොගයක් නවතාදමා තිබෙනවා. බොහෝ මැති ඇමැතිවරු එම වාහන භාවිත කිරීම ප්‍රතික්ෂේප කරනවා. කථානායකවරයාටත් වාහන ඕනෑ තරම් වෙන් කරලා තියෙනවා. ඉන්ධන පරිභෝජනය වැඩි නිසා අපි ඒ කිසිවක් තවම භාවිත කරන්නේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් ජනතා බලාපොරොත්තු අනුව කැපකිරීම් කළ යුතු බව කථානායකවරයා පැවසීය.
වාහන විකිණීම සම්බන්ධයෙන් ඔහු පැවසුවේ එම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම ජාතික මට්ටමේ තීරණයක් බවයි.
ඇමැතිවරුන් නිල නිවාස ඉල්ලා නොමැති බව පැවසූ කථානායක රංවල රජයට අයත් නිවාස ඇමැතිවරුන්ගේ පෞද්ගලික පරිහරණයට නොව පොදු කටයුතු සඳහා භාවිත කරන බව ද පැවසීය.
රජයට අයත් නිවාස නඩත්තු කිරීම රජයේ යුතුකමක් යැයි ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart