December 2, 2024

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

අදාළ විරෝධතාව හේතුවෙන් අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබිණි.

ඒ අනුව පොලිසිය එම විරෝධතාව විසුරුවාහැරීමට කටයුතු කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

එහිදි පොලිසියේ දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර විරෝධතාකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව මෙම විරෝධතාව පවත්වා තිබුණේ පාසල්වලට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමිනි.

බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී තිබිණි.

 

42.31%
17.27%
32.76%