Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණක් සහිත පෞරාණික ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් භික්ෂූන් දෙනමක් සහ හෝටල් හිමියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජමහා විහාරයට අනුබද්ධ විහාරස්ථානයක් වන කරහම්පිටිගොඩ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ තිබී මෙම ප්‍රතිමාව සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.
දෙවනගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් විසින් මාවනැල්ල පොලිසියට මෙම සොරකම වාර්තා කරමින් පැමිණිල්ලක් කර තිබිණි.
පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න විසින් එහි විමර්ශන මෙහෙයවීම කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පවරා තිබේ.
විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ දොම්පේ කිඹුල්විලවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක 28 හැවිරිදි හිමිනමක් විසින් මෙම සොරකම මෙහෙයවා ඇති බවයි.
හිමිනමට මහනුවර මහයියාව ප්‍රදේශයේ හිමිනමක් සහ පේරාදෙණිය ගන්නෝරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරුවෙක් සහාය වී ඇති බව පොලිසිය පවසයි.
සොරකම සඳහා යොදාගත් වාහන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනාම මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart