December 2, 2024

වන සතුන් දුම්රිය මාර්ගය හරහා ගමින් කිරීම වැළක්වීම සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැටදිවුල – අඹන්පොල හා ගල්ගමුව අතර දුම්රිය මාර්ගයට යටින් ඉදිවන ‘කාසිකොටේ අලි උමඟෙහි වැඩකටයුතු මාසයකට අධික කාලයක් නවතා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ අලි ඇතුන්ද ඇතුළු සතුන් අවදානමට පත්ව ඇතැයි වාර්තා වේ.

ප්‍රමාණවත් තරම් මූල්‍ය ප්‍රතිපාදන නොමැති බව පවසමින් මේ උමගෙහි ඉදිකිරීම් නවතාදමා ඇති බවට දැන ගන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එම උමඟ ඉදිකෙරෙන ස්ථානය ආසන්නයෙන් අලි ඇත්තු නිරන්තරයෙන් එහා මෙහා ගමන්කරති.

පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාවත් සමඟ එම බිමෙහි අලි ගමන්කළ බවට අඩි සලකුණු බොහොමයක් දැකිය හැකිය.

මෙම ස්ථානයේ මේ වන විට දුම්රියේ ගැටීමෙන් අලි අටදෙනකු පමණ මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

42.31%
17.27%
32.76%