December 1, 2024

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ තරුණ මවක් දරුවන් සිවුදෙනකු අනුරාධපුර රෝහලේ දී බිහිකළාය.

මෙම සිව් නිවුන් දරු උපතට හිමිකම් ලැබුවේ 28 හැවිරිදි අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ කාන්තාවකි.

ඇය අනුරාධපුර රෝහලේ හෙදියක ලෙස සේවය කරන්නීය.

ඇය පිරිමි දරුවන් දෙදෙනකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු වශයෙන් මෙම දරුවන් සිව්දෙනා බිහිකර ඇත.

ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙම සිව් නිවුන් දරුවන් බිහිකරන්නේ වසර ගණනක් දරුපල ප්‍රමාදව සිටීමෙන් අනතුරුවය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය මව් කුසතුළ සිටින්නේ සිව් නිවුන් දරුවන් බවට හඳුනාගත් මොහොතේ පටන් නිරෝගී දරු උපතක් වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරා තිබේ.

සිසේරියන් සැත්කමක් මගින් මෙලොව එළිය දුටු මේ දරුවෝ මේ වනවිට නොමේරූ ඒකකයේ සුවෙන් පසුවන බව වාර්තා වේ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%