Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුත්තලම, මුන්දලම ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔවුන්ගේ දියණිය දිවිගලවා ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඉඩම් හිමිකරුවන් සහ මෝටර් රථ සේවා මධ්‍යස්ථානයක හිමිකරුවන් වන එස්.ඒ.එස්.ස්ටැන්ලි තිලකරත්න (54) සහ එස්.ඒ.චන්ද්‍රිකා මල්කාන්ති (53) යන දෙදෙනායි.
ස්වාමිපුරුෂයා මෝටර් රථ සේවා මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණීමෙන් පසු නිවස ඉදිරිපිට ලී ව්‍යුහයක සවිකර ඇති ස්විචයකට මෝටරයක් සම්බන්ධ කිරීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව තිබේ.
එවිට ඔහුට විදුලිසැර වැදී ඇති අතර ඔහුගේ කෑගැසීමත් සමග ඔහුට සහාය වීම සඳහා බිරිඳ පැමිණ ඇත.
ඔහු බේරා ගැනීමට ගත් උත්සාහයේදී ඇයට ද විදුලිසැර වැදී තිබේ.
විදුලිසැර වැදුණු අඹුසැමි යුවළ බේරාගැනීමට ඔවුන්ගේ දියණිය ඔවුන්ට උදව් කිරීමට උත්සාහ කළත් කම්පනය හේතුවෙන් ඇය පසුපසට විසිවී ගොස් ඇත.
එම නිසා ඇය බේරී තිබේ.
නිසි ආරක්ෂක විධිවිධාන නොමැතිව විදුලි පරිපථ සවිකිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් ඊට යොදාගෙන ඇත්තේ හානි වී ටේප් යොදා තිබූ වයර් බවත් පොලිසිය පවසයි.
විදුලිසැර වැදුණු අඹුසැමි යුවළ ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇතත් ඔවුන් මියගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart