Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ආනයනය කර රුපියල් කෝටි ගණනාවක් වටිනා වාහන ව්‍යාජ දත්ත ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයට කැඳවූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු හයදෙනකු රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප බැඳුම්කර දොළොහක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29 දා) නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වන නියෝගයක් ද පනවා හිටපු නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ ඇතුළු හයදෙනකු එලෙස ඇප මත මුදාහළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට හෝ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීමේ කොන්දේසි ද එම සැකකරුවන්ට පැනවීය.
එකී සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඉතා බරපතළ වන බැවින් හා සාක්‍ෂිකරුවන් ඇපමත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධා විය හැකි බැවින් සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක් කරන්නැයි විමර්ශන මෙහෙයවන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
2005 වසරේ දී මුල්වරට ලියාපදිංචි කළේ යැයි කියන ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ආනයනය කර ව්‍යාජ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර ඇතැයි කියන අති සුඛෝපභෝගී වාහන 178ක් අතරින් එක් වාහනයක් සැබැවින්ම ලියාපදිංචි කර ඇත්තේ 2015 වසරේදී බවත්, එකී වාහනයට අංක තහඩුව නිකුත්කර ඇත්තේ 2019 වසරේදී බවත් සහකාර අධ්‍යක්‍ෂ අනුෂා සම්මන්දප්පෙරුම අධිකරණයට පැවසුවාය.
එකී වාහනයක හිමිකරුවකු යැයි කියන අටවන සැකකරුගේ නිවස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුඩා ශාඛා කාර්යාලයක් බඳු වන්නේ යැයි ද පැවසූ අනුෂා සම්මන්දප්පෙරුම එහි තිබූ වාහන ලියාපදිංචි කිරීමට අදාළ මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් ලිපිගොනු හතක් සොයාගැනීමට හැකිවී ඇතැයි ද පැවසුවාය.
එලෙස නිසි ලෙස රේගුව මගින් නිෂ්කාශනය නොකිරීම නිසා අවම වශයෙන් රුපියල් කෝටි 178කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි ද පැවසූ අනුෂා සම්මන්දප්පෙරුම, එකී වංචනික ලෙස ලියාපදිංචි කිරීමට අදාළ ලිපිගොනු රැසක් සැකකරුවන් අතුරුදන් කොට ඇතැයි ද පැවසුවාය.
එම වාහනය ලියාපදිංචි කර ඇතැයි කියන සමයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් හා මෙම සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ඇති දැයි අධිකරණය එහිදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් හා සහකාර අධ්‍යක්‍ෂවරියගෙන් විමසා සිටි අතර එවැනි ප්‍රකාශ සටහන් කිරීමක් මෙම නඩුවට අදාළව මෙතෙක් සිදුකර නොමැති බව විමර්ශන නිලධාරීහු පැවසූහ.
සැකකරුවන්ගෙන් හා එකී සිද්ධිය වන සමයේ රාජකාරි කළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර සිය සේවාදායකයන්ට එරෙහිව චෝදනාපත්‍රයක් හෝ අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉල්ලා සිටීම නීතියට පටහැනි ක්‍රියාවක් වන්නේ යැයි විවෘත අධිකරණය හමුවේදී පැවසූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ සහ නීතිඥ හෆිල් පාරිස් යන පිරිස අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි අනුෂා සම්මන්දප්පෙරුම කළ එම ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දැක්වූහ.
රජය විසින් සම්මත කළ දූෂණ විරෝධී පනත අනුව සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකිරීමකින් තොරව අල්ලස් කොමිෂන් සභාව කටයුතු කර ඇති බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම අනුව තම අධිකරණය සැකකරුවන්ට නොතිසි නිකුත් කළ බවත් පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.
එම විමර්ශනවල ප්‍රගතිය ලබන පෙබරවාරි 21වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart