Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාණ්ඩ සැපයුම්කරුවකු විසින් නිකුත් කරන ලද බිල්පතක් නොමැතිව හා භාණ්ඩ වල කිසිදු තොරතුරක් සඳහන් කිරීමකින් තොරව, ඇසුරුම් කළ කහ කිලෝග්‍රෑම් 765ක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි නිලධාරීන් විසින් කොළඹ 15, ශ්රීඥණානන්ද මාවත, ගබඩා පරිශ්‍රයකදී වැටළීමක් සිදුකර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගැනීමේදී, ඒ සඳහා විකුණුම්කරු විසින් නිකුත් කළ කුවිතාන්සියක් සන්තකයෙහි තබාගත ගැනීම අනිවාර්ය වේ.
බාහිර පුද්ගලයකුගෙන් මිලදී ගෙන ඇති බවට ප්‍රකාශ කර ඇති මෙම කහ තොගය ආනයනය කිරීම හෝ මිලදී ගැනීම පිළිබඳව කිසිදු තොරතුරක් අදාළ ව්‍යාපාරිකයා සතුව තිබී නොමැත.
ඇසුරුම් 21ක බහාලු එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන හතරකට අධික බව පැවසේ.
එමෙන්ම ඇසුරුම් කරන ලද භාණ්ඩවල ඊට අදාළ තොරතුරු සටහන් කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග නිකුත් කර තිබියදී, ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මෙම කහ තොගයෙහි එවැනි කිසිදු තොරතුරක් නොමැති අතර අදාළ කහ තොගය සම්බන්ධයෙන් ඉදිරියේ දී නඩු පැවරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart