Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා ඉකුත් රජය කාලයේදී විනිසුරුවරු පත්නොකිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) අවසර ලබාදුන්නේය.
එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් මෝසමක් මඟින් කර ඇති ඉල්ලීමකට අනුව මෙම අවසරය දෙන ලදී.
ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම්කරමින් මෝසමක් ගොනු කරඇති බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම්දුන්නේය.
එම මෝසමට අවසර ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනුකිරීමට වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහට සති හතරක කාලයක් ලබාදුන්නේය.
මාර්තු මස 10 වැනිදා පෙත්සම විභාගය සඳහා කැඳවීමට නියම කරන ලදී.
ජනාධිපති නීතිඥවරයකු වන සේනක වල්ගම්පාය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා අභියාචනාධිකරණය තුළ විනිසුරු පුරප්පාඩු 05ක් පමණ ඇති වී තිබුණ ද මෙතෙක් එම පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු කර නැති බව පෙත්සමෙහි සඳහන් වේ.
එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් ඒ බවට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart