Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි බ්‍රිතාන්‍යයේ ජෝන් ඇල්ෆ්‍රඩ් ටින්නිස්වුඩ් මියගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයින් තහවුරු කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 112 කි.
බ්‍රිතාන්‍යයේ සවුත්පෝට් සත්කාරක නිවාසයේදී ජෝන් ඇල්ෆ්‍රඩ් ටින්නිස්වුඩ් මියගිය බව ද පවුලේ ඥාතීන් තහවුරු කර තිබේ.
ජීවිත කාලය පුරාම ලිවර්පූල් පාපන්දු රසිකයකු වූ ඔහු ලොව වයස්ගතම මිනිසා බවට පත්වූයේ මේ වසරේ අප්‍රේල් මාසයේදීය.
ඒ, එතෙක් ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා බවට පත්ව සිටි Juan Vicente Pérez Mora වයස අවුරුදු 114 දී මිය ගිය විටදීය.
කෙසේවෙතත් ජෝන් ඇල්ෆ්‍රඩ් ටින්නිස්වුඩ්ගේ පවුලේ සාමාජිකයන් පැවසුවේ ඔහුගේ දිවියේ අවසන් දින කිහිපය ඔහු සංගීතයෙන් සහ ආදරයෙන් ගතකළ බවයි.
ටයිටැනික් නෞකාව ගිලී ගිය 1912 වසරේ අගෝස්තු 26 වැනි දින උපත ලැබූ ටින්නිස්වුඩ්, 2020 දී එක්සත් රාජධානියේ වයස්ගතම මිනිසා බවට පත්විය.
අනතුරුව ඔහු 2024 අප්‍රේල් මාසයේදී ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් විය.
දැනට 116 වැනි වියේ පසුවන ජපානයේ ටොමිකෝ ඉටූකා ලොව වයස්ගතම කාන්තාව සහ ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්ව සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart