Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ ආයෝජනයන්හි වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බැවින්, එම ආයෝජන අවස්ථාවන්ට සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අවධානය යොමුකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී.අපෝන්සු අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.
ඒ අනුව, බලශක්ති, නවීන කෘෂිකර්මාන්ත හා කාලගුණ විපර්යාස ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
සෘජු ආයෝජන අවස්ථා සහ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන අවස්ථාවන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය ප්‍රධානී ටකියෝ කොයිකේ ( Takeo Koike), ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ තකෆුමි කඩෝනෝ (Takafumi Kadono) , ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ සන්තෝෂ් පොකරෙල් ( Santhosh Pokharel), මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ උදේනි උඩුගහපත්තුව යන පිරිස ඇතුළු කණ්ඩායමක් මෙම අවස්ථාවට එක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart