November 26, 2024

කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් නියෝජනයක් නොමැතිවීම සම්බන්ධයෙන් අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පැහැදිලි කිරීමක් සිදුකළේය.

වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ ජාති හෝ ආගමික පදනමින් නොවන බවත්, සමස්ත ක්‍රියාවලිය තුළ කුමන හෝ ජන වර්ගයකට අයත් කෙනෙකුට ආසාධාරණයක් නොවීමට වගබලා ගන්නා බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් කලබල නොවිය යුතු බවයි.

‘සිලෝන්වයර් නිව්ස්’ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

42.31%
17.27%
32.76%