November 26, 2024

අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව රුපියල් බිලියන 213.373ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

එහි විවාදය දෙසැම්බර් මස 5 සහ 6 දිනවල පැවැත්වෙනු ඇත.

එසේම 2025 වසර සඳහා වන අයවැය ලේඛනය සකස්කිරීමේ වගකීම ද කැබිනට් මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයා වෙත පවරා තිබේ.

ඒ අනුව දෙසැම්බර් මස පළමු දෙසතියේ දී සියලු දෙපාර්තමේන්තු මගින් ඒ සඳහා යෝජනා ලබා ගැනීමට නියමිතය.

අයවැය කෙටුම්පත ජනවාරි 9වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%