Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොවැම්බර් 27 දිනට යෙදී ඇති මහවිරු සැමරුම වෙනුවෙන් එල්.ටී.ටී.ඊ ලාංඡන, නිල ඇඳුම් හෝ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ පින්තූර යොදා ගනිමින් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසයි.
කෙසේවෙතත්, සිවිල් යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිපත් කිරීමට උතුරේ ජනතාවට බාධාවක් නොවන බව ඇමැති විජේපාල පැවසීය.
ගල්ගමුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇමැති විජේපාල පැවසුවේ රටේ නීතියට අනුව කොටි සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් බවයි.
උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිපත් කිරීමට රජය බාධාවක් වී නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත්, සැමරුම් පැවැත්වීමේදී නීතියට අවනත වෙමින් එසේ කිරීමට සිදුවනු ඇති බවත්, මියගිය තම පවුලේ සාමාජිකයන් සිහිපත් කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් ඔහු පැවසීය.
උතුරේ ජනතාව විසින් පවත්වනු ලබන අතීත සැමරුම් සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ලබාදීමට ඇතැම් පිරිස් නිතර උත්සාහ ගන්නා බව සඳහන් කළ ඇමැති විජේපාල, එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ අනුස්මරණ පැවැත්වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart