November 24, 2024

නවක මන්ත්‍රීවරුන් පැහැදිලිවම උද්දාමයට පත්ව සිටියද, පළමු දිනයේ ක්‍රියා පටිපාටි පිළිබඳ යම් අවිනිශ්චිතතාවයක් තිබුණද, මීට පෙර පාර්ලිමේන්තුවේ සිටි වැඩිහිටි මන්ත්‍රීවරුන්ට පසුගිය බ්‍රහස්පතින්දා එවැනි බියක් නොතිබිණි.

නැවත පාර්ලිමේන්තුවට තේරී පත්වූ, පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් 10 වැනි පාර්ලිමේන්තුවේ සිටින්නේ සුළු පිරිසකි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක සහ රෝහිත අබේගුණවර්ධන නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දීමට පැමිණෙන විට සිනහමුසු මුහුණින් සිටියහ.

පාර්ලිමේන්තුවට පැමිණෙන නවක මන්ත්‍රීවරුන්ට මග පෙන්වන සංචාරක මඟ පෙන්වන්නා ලෙස රෝහිත අබේගුණවර්ධන කටයුතු කරන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පලවන සටහන් පසුගිය සතියේ ප්‍රසිද්ධියට පත්විය.

එවැනි ප්‍රචාරයන් පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රෝහිත අබේගුණවර්ධන ජනමාධ්‍යවේදීන් අමතමින් කියාසිටියේ, සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන සෑම දෙයකටම ප්‍රතිචාර දැක්වීම තේරුමක් නැති බවයි.

එහෙත් නවක මන්ත්‍රීවරයකු තමාගෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වන්නේ නම්, දිගු කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමේ පළපුරුද්ද මත උදව් කිරීමට ඉතා කැමැත්තෙන් සිටින බව ඔහු පවසා තිබිණි.

මේ අතර, පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ කටයුතු සිදුවන ආකාරය දැකබලා ගැනීමට පැමිණ සිටියහ.

ඒ අතර, සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල තම දියණිය වන චමින්ද්‍රානි සජබ මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දෙන අයුරු දැකබලා ගැනීමට පැමිණ සිටියේය.

එසේම සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද මෙවර මහජන ගැලරියේ සිට කටයුතු නැරඹුවේය.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආන්දෝලනාත්මක ලෙස පැමිණි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන රවී කරුණානායක පසුපසද ජනමාධ්‍යවේදීන් ගමන් කරනු දැකගත හැකිවිය.

කෙසේවෙතත් තමාව ආරක්ෂා කරගනිමින් රවී ප්‍රකාශ කර සිටියේ, තම පත්වීමේ කිසිදු වරදක් නොමැති බවත්, අවසානයේ සත්‍යය ජයගන්නා බවත්ය.

42.31%
17.27%
32.76%