November 23, 2024

ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය බටහිර වයඹ දෙසට ගමන් කර හෙට දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අඩු පීඩන කලාපය තවදුරටත් තීව්‍ර වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ දෙසට ගමන් කළ හැකිය.

එබැවින් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

42.31%
17.27%
32.76%