Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පැවසුවේ, තමාගේ අනුප්‍රාප්තිකයා වන අනුර කුමාර දිසානායක පසුගිය වසරේ ඉන්දියාව සමඟ අත්සන් කළ එකඟතා ලියවිල්ල දැන් ක්‍රියාත්මක කළයුතු බවයි.
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපති තනතුරට තේරී පත් වූ අනුර දිසානායක ජනාධිපතිවරයා දෙසැම්බර් මැද භාගයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.
2023 ජූලි මාසයේදී ඉන්දීය සංචාරය අතරතුර, එවකට ජනාධිපති වික්‍රමසිංහ, අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ‘එකඟතා ලේඛනයකට'(Vision Document) අත්සන් කර ඇති අතර, දෙරට අතර සහයෝගීතාවයේ ක්ෂේත්‍ර, විශේෂයෙන් ආර්ථික හවුල්කාරිත්වය එමගින් දක්වා ඇත.
“මමත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිත් අත්සන් කළ ‘දර්ශන ලේඛනයේ’ අපි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතා ක්ෂේත්‍ර දක්වා තිබෙනවා. ඔහු (අනුර දිසානායක) ඉදිරියට යා යුතු බවත්, අපි මෙම දර්ශන ලේඛනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත් මගේ අදහසයි,” යැයි ඉන්දියාවේ සංචාරයක නිරත රනිල් වික්‍රමසිංහ එරට PTI පුවත් සේවය වෙත පවසා ඇත.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට, රනිල් වික්‍රමසිංහගේ පසුගිය සංචාරයේදී සම්මත කරගත් දර්ශන ලේඛනයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර, ගුවන්, බලශක්ති සබඳතා සහ ජනතාව අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධාරණය කර ඇත.
සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, වෙළඳාම, උසස් අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්රවල අන්‍යෝන්‍ය සහයෝගීතාව වේගවත් කිරීම ද එමගින් අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකදී ඉන්දියාවේ ආධාර ගැන සඳහන් කරමින් මෙවර සංචාරයේදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, තම රටට ඉතිහාසයේ දුෂ්කරම කාල පරිච්ඡේදයේදී ඉන්දියාව විශාල ලෙස උපකාර කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart