November 22, 2024

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් පක්ෂය යළි පණ ගැන්වීමේ ලියවිල්ලක් භාරදීමට පැමිණීමත් සමඟ එහි උණුසුම්කාරී තත්ත්වයක් වාර්තා විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් රවී කරුණානායක පාර්ලිමේන්තුවට පත්කිරීම එජාපය හෑල්ලූවට ලක්කිරීමක් බව පැවසූ මෙම පිරිස, තමන් සිරිකොතින් පිටව යන අවස්ථාවේදීම රවී කරුණානායකගේ ලේකවරයම්කු පැමිණ තමන්ට තමන්ට පහරදුන් බවට ඔවුන් චෝදනා කළහ.

42.31%
17.27%
32.76%