November 20, 2024

අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව රුපියල් 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා සඳහන් කරයි.

හරීන් ප්‍රනාන්දු මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද (20) පෙරවරුවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල පොලිසියට පැමිණීමෙන් අනතුරුවය.

2024 නොවැම්බර් 11 වැනි දින බදුල්ල ප්‍රදේශයේ සිදුකළ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී පොලිසිය සමඟ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (20) පෙරවරුවේ බදුල්ල පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස හරීන් ප්‍රනාන්දුට දැනුම් දී තිබිණි.

2024 මහ මැතිවරණයේදී ප්‍රනාන්දුගේ මනාප අංකය වූ ‘අංක 10’ සහිත ටී ෂර්ට්වලින් සැරසී බදුල්ල නගරයේ ඇවිද යමින් සිටියදී, පොලිසිය සහ හරීන් ප්‍රනාන්දු අතර පසුගියදා උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ හරීන් ප්‍රනාන්දුට ලබා ගැනීමට හැකි වූයේ 9,371ක් පමණක් වන අතර ඔහුට පාර්ලිමේන්තුවේ අසුනක් ලබාගැනීමට නොහැකි විය.

42.31%
17.27%
32.76%