Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණු ජනවරම ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයට එරෙහි ප්‍රබල ප්‍රකාශයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කළේය.
ජනමාධ්‍ය වෙත ඊයේ (18) අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ බෙදුම්වාදී අදහස් ඉදිරිපත් කරන සම්ප්‍රදායික දෙමළ දේශපාලනඥයන්ගෙන් උතුරේ සහ නැඟෙනහිර ඡන්දදායකයන් ඉවත් වී ඇති බවයි.
බෙදුම්වාදී අදහස් සහ ජාතිවාදය ප්‍රවර්ධනය කළ සාම්ප්‍රදායික දෙමළ දේශපාලනඥයන් මේ වන විට උතුරු නැගෙනහිර ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබීම රටේ දේශපාලනයේ හොඳ සලකුණක් බව ඔහු සඳහන් කළේය.
ඔහුට අනුව, මෙම වෙනස ජාතික සමගියකට යන ගමනක් සහ බෙදුම්වාදී ජනවාර්ගික දේශපාලනයේ අවසානයක් පෙන්නුම් කරයි.
මෙම කලාපවල ඡන්දදායකයන් විසින් ලබාදෙන පණිවිඩය රජය හොඳින් සළකා බැලිය යුතු බව ඔහු අවධාරණය කළේය.
බාහිර බලවේග විසින් මෙම මහජන හැඟීම වැරදි ලෙස අර්ථකථනය කිරීමට හෝ අඩපණ කිරීමට ඉඩ ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.
රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමටත් ජනතා සැබෑ කැමැත්තට අනුව කටයුතු කිරීමටත් රජයට වගකීමක් ඇති බව ඔහු අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ නියෝජනයක් නොමැති වුවද, ජාතිකවාදී ප්‍රතිපත්ති සඳහා තම පක්ෂයේ කැපවීම ද ඔහු යළිත් අවධාරණය කළේය.
ඇමැති මණ්ඩලය පත්කිරීමට පෙර ඊයේ ඔහු දැක්වූ අදහස් පහතින්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart