Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට (NDF) හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු මුදල් ඇමැතිවරයකු වන රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට්කර තිබේ.
එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අදාළ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ තුළ අභ්‍යන්තර මතභේදයක් තිබියදීය.
පක්ෂයේ ලේකම්වරයා විසින් නම් කළ බව කියන කරුණානායක නම් කිරීමට පක්ෂය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ප්‍රකාශ කර තිබිණි.
ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2න් එක් ආසනයක් එජාපයටත් අනෙක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමටත් වෙන් කිරීමට සැලසුම් කර තිබී ඇත.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් පාර්ලිමේන්තුවට පිවිසෙන පුද්ගලයන් නම්කිරීම සඳහා එම පක්ෂය හෙට (19) රැස්වීමට මුලින් නියමිතව තිබිණි.
එජාප ජ්‍යෙෂ්ඨයන් චෝදනා කරන්නේ, එක්සත් ජාතික පක්ෂයේ අනුමැතියකින් තොරව රවී කරුණානායක ජාතික ලැයිස්තුවට නම්කරමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට ලිපියක් යවා ඇති බවයි.
මෙම සිද්ධිය ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් පසුව, එජාප සාමාජිකයන් රවී කරුණානායකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලකරමින් රනිල් වික්‍රමසිංහට බලපෑම් කර ඇත.
ඒ අනුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට තමන් විසින්ම තමාව පත්කරගත් බව කියන හිටපු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව ගතහැකි විනය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ඊයේ කඩිමුඩියේ රැස්ව ඇතැයි වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart