November 18, 2024

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්කරන්නැයි තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියෝ එම පක්ෂයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇතැයි ‘ලංකාදීපය’ වාර්තා කර ඇත.

එම ලිපිය මල්වතු කාරක සංඝ සභික ගල්පිහිල්ලේ නායක ස්වාමීන් වහන්සේ අතින් බාරදී ඇතැයිද වාර්තා සඳහන් කරයි.

කන්ද උඩරට ජනතාව කාලයක සිට නියෝජනය කළ සිංහල මන්ත්‍රීවරයා වන හෙයින් ඔහුගේ පළපුරුද්ද, නීතිමය හැකියාව සහ ඔහු රට වෙනුවෙන් කළ සේවාව යනාදී කරුණු සැළකිල්ලට ගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්නැයි මල්වතු මහනාහිමියන් එම ලිපියෙන් ඉල්ලා ඇතැයි පැවැසේ.

ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය මහමැතිවරණයට තරග කළේ නැත.

එසේම සමගි ජන බලවේගය මහමැතිවරණයට ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවේද ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම ඇතුළත්ව නැත.

විශේෂ ප්‍රකාශයක් කරමින් පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරන ලද්දේ, මහමැතිවරණයට තරග නොකළ හෝ අදාළ දේශපාලන පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් කර නොමැති අපේක්ෂකයකුට ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගත නොහැකි බවයි.

42.31%
17.27%
32.76%