November 18, 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් ලැබී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව වින්දිතයන්ට අදාළ වන්දි මුදල් ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කළේය.

පසුව එම පෙත්සම් 2025 පෙබරවාරි 27 වැනි දින යළි කැඳවීමට නියෝග කෙරිණි.

මෙම පෙත්සම් සළකා බැලීම සඳහා මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

 

42.31%
17.27%
32.76%