November 17, 2024

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා එහි ප්‍රධාන ලේකම් ආචාර්ය පී.සත්‍යලිංගම් නම්කර තිබේ.

පී. සත්‍යලිංගම් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරමින් වන්නි දිස්ත්‍රික්කයෙන් 2024 මහ මැතිවරණයට තරඟ කළ නමුත්, එම පක්ෂයට දිස්ත්‍රික්කයේ එක් ආසනයක් පමණක් ලබාගැනීමට හැකි වූ බැවින් මනාප ඡන්ද වලින් තේරී පත්වීමට නොහැකි විය.

ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් හිමිකරගෙන ඇති එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරහා ආචාර්ය පී. සත්‍යලිංගම් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇත.

42.31%
17.27%
32.76%