Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මනාප ප්‍රතිඵලය සම්බන්ධයෙන් බරපතළ කණස්සල්ලක් මතුකරමින් එම සංඛ්‍යා පිටුපස තිබිය හැකි ‘ඩීල් එකක්’ පිළිබඳ චෝදනා කර තිබේ.
දිස්ත්‍රික්ක දෙකේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ උන්වහන්සේ ඒ පිළිබඳ ජනතාවට පැහැදිලි කිරීමක් කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියහ.
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ජාතික ජන බලවේගය ද විවේචනය කළේ ඔවුන් කුහකකම් කරන බවට චෝදනා කරමිනි.
තනි පුද්ගල අපේක්ෂකයන්ට වඩා පක්ෂයට ඡන්දය දෙන ලෙස ප්‍රචාරක ව්‍යාපාරය යටතේ ඔවුන් අවධාරණය කළ ද මනාප සම්බන්ධයෙන් අභ්‍යන්තර ආරවුල් මතුව ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
“මම මේ මනාප ප්‍රතිඵලය විශ්වාස කරන්නේවත් පිළිගන්නේවත් නැහැ. සමහර පුද්ගලයන්ගේ මනාප ලක්ෂයේ සිට හය, හත, හෝ අට ලක්ෂය දක්වා අහස උසට නැඟ තිබෙන ආකාරය පුදුම සහගතයි. එහෙම සංඛ්‍යා ආවේ කොහෙන්ද?” යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කරති.
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට ‘ට්‍රැක්ටරය’ ලකුණින් ජනසෙත පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ අතර එම පක්ෂයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 970ක් පමණි.
කෙසේවෙතත්, දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් අවශ්‍ය 5% සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් එහි මනාප ප්‍රතිඵල ගණන් නොකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart