Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඔක්තෝම්බර් මාසයේදී බටහිර රටවල් කිහිපයක් විසින් සංචාරක උපදේශන නිකුත් කළද නොවැම්බර් මාසයේදී සංචාරක පැමිණීමේ වැඩිවීමක් සමග මේ වසර අවසන් වන විට සංචාරක පැමිණීමේ මිලියන දෙකක ඉලක්කය කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණ කරයි.
එම අධිකාරියේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් උපාලි රත්නායක ප්‍රකාශ කර ඇත්තේ ආරුගම්බේ සිද්ධියෙන් පසුව ඊශ්‍රායල ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අඩු වුවද සමස්ත සංචාරක පැමිණීම් ඉහළ ගොස් ඇති බවයි.
මේ වන විට මෙරටට පැමිණෙන දෛනික සංචාරකයන්ගේ සාමාන්‍ය අගය 30,000ක් වන බවත්, සිද්ධිය වූ අවස්ථාවේ එය දිනකට 20,000ක් පමණ වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඊශ්‍රායල සංචාරකයන් පැමිණීම අඩු වුවද එය සැළකිව යුතු බලපෑමක් නොවන බව ඔහු ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලයේ ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත පසුගියදා වාර්තා කළේ, ආරුගම්බේ වෙත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඉතා විශ්වාසදායක අනතුරු ඇඟවීමේ මට්ටම වූ හතරේ සිට ප්‍රහාරයක් එල්ල වීමට ඇති අවස්ථාව අඩු බව කියැවෙන අනතුරු ඇඟවීමේ දෙවැනි මට්ටම දෙක දක්වා ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය අඩු කර ඇති අබවයි.
2024 වසරේ ඉලක්කය සංචාරක පැමිණීම් මිලියන දෙකක් බවත්, අඟහරුවාදා (12) වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් මිලියන 1.7 ඉක්මවා ගොස් ඇති බවත් උපාලි රත්නායක සඳහන් කරයි.
ඒ අනුව දෛනික සංචාරක පැමිණීම් 30,000 ඉක්මවීමත් සමඟ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවට සිය ඉලක්කය කරා ළඟා විය හැකි බවට විශ්වාසයක් පවතින බව ඔහු ප්‍රකාශ කරයි.
ආරුගම්බේ සිද්ධියෙන් ඇති වූ බිඳවැටීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ පසුගිය ඔක්තෝබර් 23 වැනි දින ආරුගම්බේ සඳහා පනවා තිබූ සංචාරක සීමා ඉවත්කිරීමට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය පියවර ගෙන ඇති බවයි.
එසේම ලන්ඩනයේ ලෝක සංචාරක වෙළඳපොළේ දී ශ්‍රී ලංකාව හොඳම වෙළඳ කුටිය ලෙස සම්මානය දිනා ගත් අතර, එක්සත් රාජධානිය යනු ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම යුරෝපීය සංචාරක වෙළඳපොළයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart