November 16, 2024

2024 මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 667,240ක් බව මැතිවරණ කොමිසම තහවුරු කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට අනුව මැතිවරණයේදී සුදුසුකම් ලත් ඡන්දදායකයන් 17,140,354ක් අතරින් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 11,815,246ක් පමණි.

ඒ අතරින් වලංගු ඡන්ද ලෙස පිළිගෙන ඇත්තේ ඡන්ද 11,148,006ක් පමණක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, මෙම මැතිවරණය මෙරට ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය ලෙස හැඳින්විය හැකි බවයි.

42.31%
17.27%
32.76%