Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිමාවට පත්වූ සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති Akio Isomata මෙරට ජනතාවට සුබපැතුම් පිරිනමා තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ ශ්‍රී ලාංකීය ජනතාව ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීම පිළිබඳ ඔහු ප්‍රශංසා කර ඇත.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අලුතින් තේරී පත් වූ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔහු සුබ පැතුම් පිරිනැමූ බවයි.
අන්‍යෝන්‍ය විශ්වාසය තව තවත් ගැඹුරු කිරීමටත් දෙරට අතර මිත්‍රත්වයේ බැඳීම් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ රජය සහ අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට ජපානය අපේක්ෂා කරන බවත් එහි දක්වා තිබේ.
“ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය දශක ගණනාවක් පුරා ශක්තිමත් වී ඇති බව ඉතිහාසය පෙන්නුම් කරනවා. සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයත් නොවැම්බර් 14 වැනිදා පැවති මැතිවරණයත් සමඟ අපගේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන බව ජපානය විශ්වාස කරනවා.” යනුවෙන් ජපාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart