Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රජය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමෙන් පසු එක්සත් ජනපදය ආරුගම් බොක්ක ප්‍රදේශයේ ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජනපදය ගත පියවර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙසේද සඳහන් කරයි.
“ශ්‍රී ලංකා පාර්ශ්වයේ සමීප සහයෝගිතාවෙන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ අදාළ ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද කඩිනම් හා පුළුල් ආරක්ෂක විධිවිධාන මත පදනම්ව එක්සත් ජනපදය ආරුගම් බොක්ක ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කර තිබූ අනතුරු ඇඟවීම අද ඉවත් කළේය.
ශ්‍රී ලංකාව ආරක්ෂාව සම්බන්ධයෙන් කරන ඕනෑම අනතුරු ඇඟවීමක් බැරෑරුම් ලෙස සලකන අතර එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඔක්තෝබර් විසි තුන්වැනි දින නිකුත් කරන ලද ආරක්ෂක අනතුරු ඇඟවීමෙන් අනතුරුව, සංචාරකයන්, විදේශිකයන් සහ පදිංචිකරුවන්ට එල්ල විය හැකි ඕනෑම තර්ජනයකින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීහු අදාළ ප්‍රදේශයේ සම්බන්ධීකරණ ආරක්ෂක පියවර මාලාවක් කඩිනමින් ක්‍රියාත්මක කළහ.
සංචාරකයන්ගේ නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරන අතරම ආරුගම් බොක්ක ප්‍රදේශයේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් සවිස්තර උපදෙස් ලබා දෙන ලදී. අදාළ ප්‍රදේශවල පදිංචිකරුවෝ, සංචාරක ආයතන හිමිකරුවෝ සහ සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින සියලුම පුද්ගලයෝ මෙම ප්රයත්න සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කළහ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ සියලුම ආරක්ෂක සහ මහජන ආරක්ෂක ආයතන නියෝජිතයින් සමඟ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී, ශ්‍රී ලංකා පාර්ශ්වයේ විස්තීරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කළ අතර, ආරක්ෂක අනතුරු ඇඟවීම් සහ අදාළ සංචාරක උපදේශන ඉවත් කරන ලෙස උදක්ම ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍ය හේරත් මහතා විසින් ඊයේ යළිත් වරක් අවධාරණය කරන ලදී. “ශ්‍රී ලංකා රජය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ ඇතිකරගත් ශක්තිමත් හවුල්කාරිත්වය” තමන් අගය කරන බව ප්‍රකාශ කරමන් එක්සත් ජනපද පාර්ශ්වය අද පස්වරුවේදී ස්වකීය ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කළේය.
එළැඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා සාමකාමී, සුන්දර සහ මිත්‍රශීලී ගමනාන්තයක් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart