Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරයෙන් වළකින ලෙසට මින් පෙර නිකුත් කර තිබූ ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇති බව එහි ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජනපද තානාපති කාර්යාලය ඔක්තෝබර් 23 වැනිදා අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර තිබිණි.
එහි සඳහන් වූයේ, “ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබිණි. මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතළ අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට වහාම සහ නැවත දැනුම්දෙනතුරු ආරුගම් බොක්ක වෙත ගමන් තහනමක් පනවා ඇත. නැවත දැනුම්දෙනතුරු ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරයෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.” යනුවෙනි.
එක්සත් ජනපද ආරක්ෂක අනතුරු ඇඟවීමෙන් පසුව, ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය ඊශ්‍රායල ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දකුණුදිග ඇතැම් සංචාරක ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙසයි.
අනතුරුව ශ්‍රී ලංකා රජය සංචාරක ව්‍යාපාරය සඳහා මෙරට ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ද දැනුවත් කළේය.
ආරක්ෂක තර්ජන සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ද පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පාර්ශ්වය එක්සත් ජනපද බලධාරීන්ගෙන් ඉල්ලා තිබේදැයි කළ විමසීමකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු තහවුරු කළේ විදේශ ඇමැති විජිත හේරත් විසින් එම ඉල්ලීම සිදු කර ඇති බවයි.
ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා පසුගිය නොවැම්බර් 10 වැනිදා නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වූයේ ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමිනි.
මෙම සංචාරයේදී ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවධානය යොමුකර ඇති අතර, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් දැනට ක්‍රියාත්මක සැලැස්ම පිළිබව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදී.
ඒ අනුව එම ප්‍රදේශයේ සහ දිවයිනේ අනෙකුත් සංචාරක ස්ථානවල ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කළ බව එම අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart