Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මියයෑමට පෙර ඔහුට රජයෙන් දී තිබූ නිල නිවාස වහාම බාරදෙන ලෙස ඔහුලේ බිරිද වන නීතිඥ චමරි පෙරේරාට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතත්, නිවෙස බාරදීම දිගින් දිගටම මගහරිමින් සිටින බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
‘ලංකාදීපය’ වාර්තා කරන ආකාරයට මේ තත්වය සැලකිල්ලට ගෙන එම නිල නිවෙසේ විදුලිය හා ජලය සැපයුම ඊයේ (8) විසන්ධි කළ බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
එම නිල නිවෙසට අදාළ ගෙවල් කුලිය පවා ඇය තවමත් ගෙවා නැතැයි වාර්තා වෙයි.
මේ තත්වය නිසා නිල නිවසේ නීත්‍යනුකූලව බාරගැනීම කළ නොහැකිව ඇතැයි කී අමාත්‍යාංශ නිලධාරිහු මේ කටයුතුවල දී අමාත්‍යාංශ නිලධාරීන්ට ඇයගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන තත්වයක් පෙනෙන්නට ඇතැයි ද ප්‍රකාශ කළහ.
සනත් නිශාන්ත මියයෑමෙන් පසු එම නිල නිවෙස දිගටම පාවිච්චි කර ඇත්තේ ඔහුගේ බිරිඳ සහ දරුවන්ය.
එම නිල නිවස හැරෙන්නට හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ අනෙකුත් සියලුම නිල නිවාස ඊයේ වන විට බාර දී අවසන් බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන්ට ලබා දී තිබූ නිල නිවෙස ලබන 12 වැනිදා බාරදෙන බව ඔහුගේ දියණිය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart