November 8, 2024

දිවයින පුරා ෆාමසි රැසක් වසාදමන බවට පලව ඇති ජනමාධ්‍ය වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ප්‍රතික්ෂේප කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ, අදාළ ප්‍රකාශ පදනම් විරහිත වන අතර වාර්ෂික ඖෂධ බලපත්‍ර සඳහා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කරන ලද බවට චෝදනා කරන අසත්‍ය වාර්තා හේතුවෙන්, ෆාමසි වසාදමනු ඇතැයි භීතියක් නිර්මාණය කර ඇති බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැහැදිලි කර ඇත්තේ, නොමඟ යවන සුළු වාර්තාව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හිමියන්ගේ සංගමය සමග අසත්‍ය ලෙස සම්බන්ධ කර ඇති බවයි.

ඖෂධ බලපත්‍ර අනුමත කිරීමේ ක්‍රියාවලියේ හදිසි වෙනසක් සිදුකර නොමැති අතර, බලපත්‍ර ලබා ගැනීමේ මූලික නිර්ණායක නොවෙනස්ව පවතින බව අධිකාරිය අවධාරණය කරයි.

අදාළ බලධාරීන් සමඟ තොරතුරු තහවුරු කර නොගනිමින් අසත්‍ය වාර්තා ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අධිකාරිය අදාළ පුවත්පත් වාර්තාව හෙළාදකී.

42.31%
17.27%
32.76%