November 7, 2024

කොළඹ වරායට ආසන්න අධි ආරක්‍ෂිත මුහුදු ප්‍රදේශයක නාවික මාර්ග අවහිර කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තහනම් මුහුදු ප්‍රදේශයක ඩිංගි යාත්‍රා තුනක් ක්‍රියාත්මක කරමින් දැල් ආම්පන්න යොදා මසුන් ඇල්ලීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාවේ සහාය ඇතිව පොලිස් වෙරළබඩ කොට්ඨාසය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 39, 42 සහ 49 යන වයස්වල පසුවන මෙම පුද්ගලයන් පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් වෙරළබඩ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%