November 7, 2024

සිවිල් වැසියන් සතු බලපත්‍රලාභී ගිනි අවි යළි භාරදීමට දී තිබූ කාලසීමාව ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2024 නොවැම්බර් 21 දක්වා දීර්ඝ කර ඇත.

මීට පෙර එම කාලසීමාව නොවැම්බර් 7 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

නියම කරන ලද දිනට පෙර ආත්මාරක්ෂාව සඳහා නිකුත් කරන ලද සියලුම ගිනි අවි සහ පතොරම් ආපසු ලබා දිය යුතු බව දන්වා තිබිණි.

මෙම දීර්ඝ කිරීම සිදුකර ඇත්තේ විවිධ සළකා බැලීම් සමාලෝචනයකින් පසුව බව අමාත්‍යාංශය පවසයි.

ඔක්තොබර් 4 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද රජයේ තීරණයට අනුව සිවිල් වැසියන් සතුව ඇති සියලුම ගිනි අවි, ආත්මාරක්ෂාව සඳහා ඒවායේ අවශ්‍යතාව තීරණය කිරීම සඳහා සමාලෝචනයක් කරන තෙක් බලධාරීන් විසින් එකතු කර ගබඩා කර තබනු ඇත.

ඇතැම් පුද්ගලයන් වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගබඩාව වෙත සිය ගිනි අවි භාර දෙමින් දැනටමත් ඊට අවනත වී ඇත.

මෙම පියවර මධ්‍යයේ එම නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

 

42.31%
17.27%
32.76%