Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජයග්‍රහණය යනු ඉතිහාසයේ පළවැනි වතාවට සාමාන්‍ය ජනයා වෙත බලය මාරුවන ඵෙතිහාසික මොහොතකි.
එම ජයග්‍රහණයත් සමග මෙතෙක් කාලයක් මෙරට බලය හෙබවූ අතිශය දූෂිත, ත්‍රාඩ දේශපාලන ප්‍රභූ තන්ත්රය අර්බුදයට ගොස් තිබේ.
ඊට සමාන්තරව එකී ප්‍රභූ දේශපාලන තන්ත්රය සමග සමීපව ගනුදෙනු කළ සාම්ප්‍රදායික ප්‍රභූ සිවිල් සමාජ ව්‍යාපාර ද සිය සුජාතභාවය අහිමි කරගෙන තිබේ.
මේ තත්ත්වය තුළ ජනතාව විසින් ජයග්‍රහණය කරවූ මෙරට බරපතල සමාජ පරිවර්තනයක් හරහා නව ජාතික පුනරුදයක් නිර්මාණය කිරීමේ ජාතික ජනබලවේගයේ දැක්ම නියෝජනය කරමින් එයට සහය වන නව සිවිල් සමාජ ව්‍යාපාරයක් අවශ්‍යව තිබේ.
එකී අරමුණින් යුතුව මෙරට ප්රගතිශීලී සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ශාස්ත්රාලීය බුද්ධිමතුන්, නීතීඥයින්, කලාකරුවන් හා දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් එකතුවක් වන පුනරුදය උදෙසා වන ජනතා ව්‍යාපාරය, මතවාදී සහ ප්‍රතිපත්තිමය තලයේ මෙන්ම පොදුජන අවකාශය තුලද තීරණාත්මක මැදිහත්වීම් සිදුකරනු ඇත.
එකී ගමනේ ආරම්භක අවස්ථාවක් ලෙස මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ජාතික ජනබලවේගය වෙත ලබාදීම වෙනුවෙන් පුනරුදය උදෙසා ජනතා ව්‍යාපාරය සිය උපරිම සහාය පළකර සිටියි.
2024-11-06 දින මහවැලි කේන්ද්‍රයේදී පුනරුදය උදෙසා ජනතා ව්‍යාපාරයේ සමාරම්භක ජනමාධය සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී සඳුන් තුඩුගල, ආචාර්ය සසංක පෙරේරා, බ්‍රිටෝ ප්‍රනාන්දු, කුමාරි කුමාරගමගේ, ආචාර්ය ජගත් වීරසිංහ, විදුර මුණසිංහ, ජනහා සෙල්වරාස්, ආචාර්ය සිංගාරපිල්ලෙයි අරිවලහන්, වංගීස සුමනසේකර, අයිරුඩීන් නිහාල් අහමඩ්, චමිලා තුෂාරි, චින්තක රාජපක්ෂ, රංග මනුප්‍රිය සහ චාමර හත්තොටුව අදහස් දැක්වූ අතර තවත් සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීහු හා වෘත්තිකයෝ ගණනාවක්ම මෙමෙ ජනමාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart