November 6, 2024

පසුගිය ජනාධිපතිවරණ සමයේදී අනුර කුමාර දිසානායක අපේක්ෂකයා පිළිබඳව අන්තර්ජාලයේ අසත්‍ය වාර්තාවක් පළවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක රෝගාතුර වීම සම්බන්ධයෙන් අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත්කර ඇත.

පරීක්ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන, සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කළේය.

නීතීඥ සුනිල් වටගල විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

නීතිඥ සුනිල් වටගල සිය පැමිණිල්ලෙන් කියාසිටියේ මෙම ව්‍යාජ තොරතුරු සුභාෂ් නමැති පුද්ගලයෙකුගේ ගිණුමක් හරහා අන්තර්ජාලයට එක්කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම්දුන්නේය.

42.31%
17.27%
32.76%