Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත වාහන ආනයන ක්‍රියාවලියේ පළමු අදියර යටතේ වාහන ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බව රජයේ ස්ථාවරය යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය හේරත් කියාසිටියේ පසුගිය ආණ්ඩුව වාහන ආනයනය සීමාකළ නමුත් ක්රමානුකූල ක්‍රියාවලියක් යටතේ වාහන ආනයනයට ඉඩදිය යුතු බවට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විශ්වාස කරන බවයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පෙර ගිවිසුමකට අනුව අදියර තුනක් යටතේ වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට තීරණය කර ඇති බවයි.
පළමු අදියර සඳහා අවසරය ලබාදිය යුතු බව රජයේ මතය බව සඳහන් කළ අමාත්‍ය හේරත්, ඉදිරියේදී යෝජිත වාහන ආනයන ක්‍රියාවලිය යටතේ වාහන ආනයනය ආරම්භ කරන බවද පැවැසීය.
2021/2022 කොරෝනා වසංගතයේ බලපෑමෙන් පසු ශ්‍රී ලංකාව වාහන ආනයනය තහනම් කළ අතර, රට මුහුණදුන් පසුකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් එම තීරණය දිගටම පවත්වාගෙන ගියේය.
කෙසේවෙතත්, සෞඛ්‍ය, සංචාරක වැනි විවිධ ක්ෂේත්රවල අවශ්‍යතා මත කොන්දේසිවලට යටත්ව, 2023 වසරේ සිට අදියර වශයෙන් වාහන ආනයනය සඳහා නිදහස් කිරීම් ලබාදීමට එවකට ආණ්ඩුව එකඟතාව පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart