November 6, 2024

මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එවැනි තීරණයක් නොගන්නා බවත් රජයේ ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.

අද ජනමාධ්‍ය අමතමින් ඔහු කියාසිටියේ, 1951 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක් අදහස් හුවමාරු කර ගෙන ඇති බවත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අයිතියක් ඇති බවත්, රජය එයට ගරුකරන බවත්ය.

කෙසේවෙතත්, මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එවැනි තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුව නොමැති බවත් අමාත්‍ය හේරත් සඳහන් කළේය.

“ආගමික පනත් සඳහා සංශෝධන අවශ්‍ය නම් අදාළ ආගමේ ආගමික නායකයන් සමඟ සාකච්ඡා කර ඒවා සිදුකරනවා. ඕනෑම ආගමික පනතක වෙනස්කම් සිදු කරන්නේ එම ආගමේ නායකයින්ගේ නිර්දේශ ලබා ගැනීමෙන් පසුවයි.” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

42.31%
17.27%
32.76%