Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශේෂඥ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් 2019 වසරේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට සම්බන්ධ සියලු චෝදනාවලින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද නිදොස් කොට නිදහස් කළේය.
පැමිණිලිකරුවන් විසින් චෝදනා ඔප්පු කිරීමට අපොහොසත්වීම හේතුවෙන් සහ නීතිපතිවරයාගේ උපදෙස් මත කුරුණෑගල මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න ෂාෆි සිහාබ්දීන් මෙලෙස සියලු චෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළේය.
2019 වසරේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ නීතිවිරෝධී වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා ලැබ වෛද්‍ය සිහාබ්දීන් අනිවාර්ය නිවාඩු යවා තිබිණි.
කාන්තාවන්ගේ අනුමැතියකින් තොරව වන්ධ්‍යාකරණය කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
වෛද්‍ය සිහාබ්දීන්ට නීතිවිරෝධී ලෙස ධනය රැස්කිරීම සහ ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සබඳතා පැවැත්වූ බවට ද චෝදනා එල්ලවිය.
සිදුකළ විමර්ශනවලින් චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart