November 5, 2024

2012 වසරේ බොරැල්ල නව මැගසීන් බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලදී පිරිසකට පහරදීම සහ දේපළවලට හානි සිදුකිරීම යන චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ මහාධිකරණය ඊයේ (4) ඇප නියම කර තිබේ.

නඩු විභාගයේදී සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 43 දෙනකු චෝදනාවලට වරද පිළිගෙන ඇත.

ඒ අනුව සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ නිහාල් ගුණවර්ධනට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවන ලෙස විත්තිකරුවන්ට නියම කෙරිණි.

මීළඟ නඩු දිනයේදී එක් විත්තිකරුට රුපියල් 7000 බැගින් වන්දි ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

මීට අමතරව, ගැටුමේදී බන්ධනාගාරයට සිදු වූ රුපියල් මිලියන 5.2කට අධික දේපළ හානි සඳහා රුපියල් 122,000 බැගින් ගෙවන ලෙස විත්තිකරුවන්ට නියම කෙරිණි.

එම වන්දි ගෙවීම් දෙසැම්බර් 13 වැනිදා වන විට ගෙවා අවසන් කරන ලෙසට වැඩිදුරටත් නියෝග කර තිබේ.

 

42.31%
17.27%
32.76%