November 5, 2024

රජයට අයවිය යුතු රුපියල් කෝටි තුනකට අධික වැට් බදු නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳට ලබන දෙසැම්බර් මස 10 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග ලැබී ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසිනි.

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීමේ ආයතනයක් වෙනුවෙන් මෙලෙස බදු ගෙවීම පැහැරහැර ඇතැයි ඔහුට චෝදනා එල්ලවී තිබේ.

2016, 2017, 2018 යන වර්ෂ තුන සඳහා හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 31,846,248.24ක් හා හිඟ ආදායම් බදු මුදල් වශයෙන් රුපියල් 1,851,658.37ක මුදලක් රජයට නොගෙවා පැහැරහැර ඇතැයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත.

ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ වන කුමාරි යසෝදා සිල්වා යන දෙදෙනාට මීට පෙර අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කර තිබුණද, එම අවස්ථාවේ ඔවුන් නොපැමිණ, ඒ වෙනුවට ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් ඉදිරිපත් කර තිබූ බැවින්, මෙවර ඔවුන් දෙදෙනාට අධිකරණයේ පෙනීසිටින ලෙස මෙලෙස නියෝග කර තිබේ.

42.31%
17.27%
32.76%