Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සියදිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත් එකක් බවට රත්වත්තේ යුවළ පැවසුවද, එය වසර ගණනාවක සිට පරිහරණ කර ඇත්තේ රිමාන්ඩ් භාරයට පත්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බව පැහැදිලි විඩියෝ දර්ශන සාක්ෂි ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු රහිත සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක් තිබෙන බවට ඉකුත් මස 25 වෙනි දින මිරිහාන මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලදී, එම මෝටර් රථය ගාල්කර තිබෙන නිවස හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රශි පබා රත්වත්තේට අයත් බවට අනාවරණය වී තිබිණි.
ඒ අනුව ඇයගේ දුරකථන අංකය සොයාගත් පොලිසිය ඒ හරහා ඒ සිදු කළ විමසීමේදී, ඇය පවසා ඇත්තේ, තම සැමියාගේ පෞද්ගලික ලේකම්වරයා වන, වෙඩි තබාගෙන සියදිවි නසාගත් සංජීව බස්නායක නැමැත්තා එම මෝටර් රථය මීට සති තුනකට පමණ පෙරදී තමන්ට දැනුම් දී නිවසේ ගාල්කර ගිය බවය.
අනතුරුව පොලිසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අදාළ මෝටර් රථය ඉකුත් 26 වෙනි දින භාරයට ගත් අතර ඒ සමගම රත්වත්තේ පවුලම අතුරුදන් විය.
පොලිස් භාරයට ගත් මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ මෝටර් රථයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ 2021 වසරේ ඔක්තෝම්බර් මස 7 වැනි දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් තිබූ බවත්, එම අවස්ථාවේදී මෝටර් රථයට සවිකර ඇත්තේ ky-6864 ,අංක දරන මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුව බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
එම අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා සිදුකළ සොයාබැලීමේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කළින් බිරිඳට අයත් මෝටර් රථයේ ලියා පදිංචි අංකය බවට මේ වනවිට තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය. (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart