Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට අනිසි හැසිරීමක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන වෙත ලිපියක් යවමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ සිය සාමාජිකාවන් දෙදෙනෙකු වන වෛද්‍ය ජයමිණි හොරතුගොඩ සහ වෛද්‍ය හර්ෂනී ධර්මවර්ධන රාජකාරියේ යෙදී සිටියදී අදාළ වෛද්‍යවරයාගේ වාචික වද හිංසාවලට ලක් වූ බවට කර තිබෙන පැමිණිල්ල සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
ආරක්ෂිත සහ වෘත්තීයභාවයෙන් පිරි සේවා පරිසරයක් සහතික කිරීම සඳහා මෙම කාරණය කඩිනමින් විසඳන ලෙස එම සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.
එසේම සේවා ස්ථාන තුළ භාෂාත්මකව අනිසි ලෙස සිදු කරන තර්ජනවලට එරෙහිව තම සංගමය දැඩි ස්ථාවරයක සිටින බව ද එම සංගමය අවධාරණය කළේය.
මේ අතර, අදාළ විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිඥා දී ඇති හෙයින් හදිසියේ ක්‍රියාත්මක කළ වර්ජනය සඳුදා (04) දක්වා තාවකාලිකව අත්හිටුවන බව රෝහල් වෘත්තීය සමිතිය නිවේදනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart