Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේ අවසන් දින අට තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම ඉහළ මට්ටමක පැවතී ඇති බව රජයේ නිල දත්ත පෙන්වා දෙයි.
මෙම සංචාරක පැමිණීම වාර්තා වන්නේ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ තවත් විදේශ දූත මණ්ඩල හයක් නැගෙනහිර වෙරළ තීරයේ ආරුගම් බොක්කෙහි ප්‍රසිද්ධ සංචාරක ස්ථානයකට එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් සංචාරක උපදේශන පවා නිකුත් කර තිබියදීය.
2023 වසරේ අදාළ කාලසීමාවේ වාර්තා වී තිබූ සංචාරක පැමිණීම් 27,649ට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේ අවසන් දින අට තුළ සංචාරක පැමිණීම් 37,287ක් එනම් සියයට 35ක වර්ධනයක් වාර්තා කර ඇති බව රජයේ සංචාරක පර්යේෂණ සහ සංඛ්‍යාලේඛන වෙබ් අඩවිය පෙන්වා දෙයි.
ප්‍රහාරයක් පිළිබඳ විශ්වසනීය තොරතුරු පවතින බව පවසමින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරයෙන් වළකින ලෙස එක්සත් ජනපද තානාපති කාර්යාලය ඔක්තෝබර් 23 වැනි දින සිය රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
පසුව ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, රුසියාව, නවසීලන්තය, කැනඩාව සහ එක්සත් රාජධානියද එම පියවර අනුගමනය කරන ලදී.
ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශයට තොරතුරු ලැබුණු විගස ශ්‍රී ලංකා පොලිසිය ඊශ්‍රායල සංචාරකයන් වැඩි ප්‍රමාණයක් පැමිණෙන, රළ පැදීම සඳහා ජනප්‍රිය ගමනාන්තයක් වන ආරුගම් බොක්ක ප්‍රදේශයේ ආරක්ෂාව තර කළේය.
මේ මස අගදී ආරම්භ වන ඉහළම සංචාරක සමයට පෙර විදෙස් සංචාරකයන් සංඛ්‍යාව අඩුවිය විය හැකි බවට සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් විසින් මතු කරන ලද කණස්සල්ල මධ්‍යයේ ප්‍රහාරයේ තොරතුරු ව්‍යාජ අනතුරු ඇඟවීමක්දැයි පොලිසිය තවමත් විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් පසුගියදා පැවසීය.
රජය සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් සංචාරකයන් දිවයිනට අඛණ්ඩව පැමිණෙමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ එම මාසයේ සංචාරක පැමිණීම් 109,199ට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී සංචාරක පැමිණීම් 135,907ක් දක්වා සියයට 25කින් ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත්, එම වැඩිවන අනුපාතය මේ වසරේ මුල් මාස 10 තුළ වාර්තා වූ සියයට 44ක වාර්ෂික වර්ධන වේගයට වඩා අඩුය.
2019 අප්‍රේල් මාසයේ දී එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ ඉන්පසුව 2020 දී බලපෑ කෝවිඩ් වසංගතය මෙන්ම 2022 දී රට මුහුණ දුන් ආර්ථික අර්බුදය නිසා සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල වූ අතර පසුව ශ්‍රී ලංකාව විසින් ස්වෛරී ණය පැහැර හැරීමක් ද ප්‍රකාශයට පත් කළේය.
අර්බුදයෙන් පසු දිවයිනේ ආර්ථික ප්රකෘතියේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක් බවට සංචාරක ව්‍යාපාරය පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart