November 1, 2024

වාහන අංක තහඩු මුද්‍රණය සීමාකිරීම හේතුවෙන් වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මෙලෙස අංක තහඩු නිකුත් නොකිරීම පිළිබඳව ලිපියක් වාහන නව ලියාපදිංචියේදී හා හිමිකම් පැවර්මේදී වාහන හිමිකරුවන් වෙත නිකුත්කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ලිපිය අනුව අංක තහඩු නිකුත් කිරීම යාවත්කාලීන කර නැවත දැනුම්දෙන තුරු එම වාහන හිමියන් අපහසුතාවයට පත්නොවන සේ කටයුතු කරන ලෙස ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ විසින් පොලිස්පතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.(අද)

42.31%
17.27%
32.76%