November 1, 2024

සමූපකාර තොග වෙළෙඳ ආයතනයේ සේවකයන් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

නඩු විභාගය සඳහා පෙනීනොසිටීම හේතුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඔක්තෝබර් 24 වැනිදා අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා ගොනුකර තිබිණි.

ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා එල්ල වී ඇත්තේ, 2010 සිට 2014 දක්වා ලංකා සතොස සේවකයන් 153ක් නීතිවිරෝධී ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදවා රජයට රුපියල් මිලියන 40කට ආසන්න අලාභයක් සිදු කළ බවටය.

42.31%
17.27%
32.76%