Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන දේශපාලනය සම්බන්ධයෙන් විහිළුවක් කරමින් කියාසිටියේ තමාට සහ තම මිතුරන්ට ඉදිරියේදී ‘බෝල් ගාඩ්'(ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවකු සිය මෞත්‍ර-ලිංගික අවයව ආරක්ෂා කරගැනීම සඳහා පළඳින ආරක්ෂක වැස්ම) ලකුණින් තරග කිරීමට සිදුවිය හැකි බවයි.
තරුණ ව්‍යවසායකයන්ගේ නායකත්ව සංසදය 2024 අමතමින් මහේල ජයවර්ධන පැවසුවේ, “ඔබ සැම ලබන 14 වැනිදා මට ඡන්දය දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
“හැමෝම කල්පනා කරන්නේ පක්ෂය මොකක්ද කියලා. මගේ මිතුරන් කිහිප දෙනෙක්, අපි හිතුවා අපි මේක උත්සාහ කරන්න. අපි පක්ෂයක් නිර්මාණය කර යම් උද්දීපනයක් ඇති කරාන්න හිතුවා, නමුත් අවාසනාවකට, සියලුම නම් අරගෙන තියෙන්නේ.
ඊට පස්සේ අපි හිතුවා, හරි, අපි සංකේතයකින් පටන් ගනිමු කියලා. ඉතා පැහැදිලිව පෙනෙන දෙයක් තමයි, ක්‍රිකට් පිත්ත. ඒත් ඒක අවුරුදු කීපයකට කළින් අරගෙන. ක්‍රිකට් බෝලයත් ගත්තා. අපි ගූගල් කරලා බැලුවා එයාලට [ඒ පක්ෂවලට] ක්‍රිකට් වලට කිසිම සම්බන්ධයක් නෑ. මගේ මිත්‍රයෙක් කිව්වා සංකේතයක් විදිහට ගන්න පුළුවන් එකම දේ බෝල් ගාඩ් එක බව. ඒකයි අපේ දේශපාලන හීන නැතිවුණේ” යැයි මහේල ජයවර්ධන විහිළු කළේය.
මැතිවරණයකට ඉදිරිපත් වීමට තමාට කිසිදු අපේක්ෂාවක් නොමැති බවද ඔහු පැහැදිලි කළේය.
“ඔබලා හැමෝම ආරක්ෂිතයි. අඩුම තරමින් තව අවුරුදු පහකටවත්. දේශපාලනඥයෙක් වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක්නැහැ,” මහේල වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart