Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාඩු සහල් සඳහා රජය රු.220ක පාලන මිලක් පනවා ඇති නමුත් මෑත වාර්තා වලට අනුව වෙළදපොලේ නාඩු සහල් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 235 ක් පමණ වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙරට සහල් මෝල් හිමියන් අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී නාඩු සහල් කිලෝවක් රුපියල් 218 බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට සහල් මෝල් හිමිකරුවෝ එකඟවූහ.
කෙසේවෙතත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් ඔක්තෝම්බර් 18 සිට 24 දක්වා ප්‍රකාශයට පත්කරන ලද සතිපතා ආහාර ද්‍රව්‍ය මිල ලැයිස්තුවේ සඳහන් වන්නේ, නාඩු I ශ්‍රේණියේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 235ක් වන බවයි.
එය ස්ථාපිත පාලන මිල වන රුපියල් 220 ට වඩා බෙහෙවින් ඉහළ ය.
“පසුගිය වසරේ එම කාලය හා සසඳන විට සියලුම දේශීය සහල් වර්ගවල තොග මිල 8% – 20% අතර පරාසයකින් ඉහළගොස් ඇති බව එම වාර්තාව පවසයි.
රතු නාඩු 1 ශ්‍රේණියේ කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 4 කින්ද, සුදු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 3.00කින් ඉහළ ගොස් ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
“ප්‍රමාණවත් තොග නොමැතිකම හේතුවෙන් නාඩු ශ්‍රේණියේ I, නාඩු ශ්‍රේණියේ II, රතු සහ සුදු වල මිල 1% – 3% පරාසයකින් ඉහළ ගොස් ඇති අතර, කිලෝග්‍රෑමයක මිල රු.220.00 – 230.00, රු.215.00- 220.00/kg, රු.205.00-212.00 සහ Rs.208.00-215.00 යනුවෙන් ඒවායෙහි මිල සඳහන් විය.
මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සහල් සඳහා නියම කර ඇති පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමේ සිද්ධීන් 600 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටළීම් සහ විශේෂ විමර්ශන අධ්යක්ෂ සංජය ඉරසිංහ පවසා ඇත.
උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිලකට සහල් අලෙවි කරන අයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය පියවර ගන්නා බව ද ඔහු පවසයි.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 60 වැනි වගන්තිය යටතේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනය උල්ලංඝනය කරන ඕනෑම ආයතනයකට දඬුවම් කිරීමේ හැකියාව එම අධිකාරිය සතුව පවතී.
2021 සංශෝධනයට අනුව, වැරදිකරුවන්ට රුපියල් 100,000 සිට 500,000 දක්වා දඩයකට හෝ පළමු වරද සඳහා මාස හයක් දක්වා සිරදඬුවමකට මුහුණදිය හැකි අතර, නැවත නැවත නීති උල්ලංඝනය කළ හොත් එම මුදලට වැඩි දඩ මුදල් සහ වසරක් දක්වා සිරදඬුවම් නියම කළ හැකිය.
නීති කිහිපවරක් උල්ලංඝනය කිරීම සිදුකරන ආයතනවලට එරෙහිව රුපියල් මිලියන 10 ක් දක්වා දඩ නියම කළ හැකිය.
අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ප්‍රමාණවත් සහල් තොග වෙළඳපොලේ ඇති බවට තහවුරු කර ගැනීම සඳහා වී තොග පිළිබඳ තොරතුරු රැස් කිරීමට දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් ස්ථානගත කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.
එම අධිකාරියේ වැඩබලන සාමාන්‍ය අධ්යක්ෂ, J.M තිලකරත්න පවසන්නේ, උපරිම සිල්ලර මිල පිළිබඳ ගැසට් නිවේදන නිකුත් කර ඇති බවයි.
ඒ අනුව කිරි සම්බා සඳහා රුපියල් 260, සම්බා සඳහා Rs.230, නාඩු සඳහා Rs.220 සහ සුදු සහ රතු සහල් සඳහා Rs.210 එලෙස උපරිම මිල සීමා පනවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart