Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ ගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් කළමණාකරණය කිරීමේ වගකීම දරන ,ආමි චූටි’ නමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පිළියන්දල ප්‍රදේශයේදී රුපියල් මිලියන 285 කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ සහ හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් අතර සුප්‍රකට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ජාලයන්ට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙක් නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් කළමනාකරණය කරන ‘ආමි චූටි’ නමැති පාතාල නායකයා වන බව පොලිසිය පවසයි.
සැකකරුවන් වන 41 හැවිරිදි ඕමල්පගේ ධම්මික සමන් කුමාර සහ 53 හැවිරිදි කංකානම් ආරච්චිගේ සුජීව යන අයද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් ඒකාබද්ධව පිළියන්දල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටළීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 7.415 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.017 ක් සොයාගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී යතුරුපැදියක් සහ ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart