October 30, 2024

දැනට ක්‍රියාත්මක වන සහ අනාගතයේදී ස්ථාපිත කිරීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

කෙසේවෙතත් නව මෙහෙයුම් ක්‍රියා පටිපාටිය ප්‍රථමයෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඉන් පසුව පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු වේ.

වාර්තා හෙළිකරන ආකාරයට මේ වන විට රට තුළ උපාධි පිරිනමන පෞද්ගලික ආයතන 20 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කරමින් එවැනි පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට පසුගිය කාලයේ බලයට පත් වූ ආණ්ඩු උත්සාහ කළේය.

කෙසේවෙතත්, පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය දිරිගැන්වීමට එරෙහිව විවිධ ශිෂ්‍ය ව්‍යාපාරවල විරෝධය නිසා එවැනි උත්සාහයන් ව්‍යර්ථ විය.

වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල නියාමනය කරනු ලබන්නේ විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසිනි.

එහෙත්, රාජ්‍ය නොවන හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන උපාධිවල ගුණාත්මක බව සහතික කිරීමට කිසිදු අධිකාරියක් නොමැත.

සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය යනු පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම, උපදේශකත්වය හා ප්‍රතීතනය කිරීම සහ පිරිනමනු ලබන අධ්‍යයන වැඩසටහන් වල ගුණාත්මක බව සහතික කිරීම සඳහා වන ක්‍රියාවලියකි.

42.31%
17.27%
32.76%